එක් දහස් නවසිය තිස් හතරේදී අදුරු වැල්ලදුරට පාසලක් ලැබුනේ අදුර සදහටම වනසමින් තත්කාලීන පරපුරේ සෞභාග්‍ය උදා කරමිනි. මෙහි ප්‍රතිඵලය වුයේ වයස 50 නොයික්ම වූ සියළුදෙනාගේ සාක්ෂර ඥනය ඉහළ යාමයි. පාසල ආරම්භක දිනයේ මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 04 දෙනෙකි. ආරම්භක ගොඩනැගිල්ල වූයේ තල් අතු සෙවෙලි කළ කුඩා මඩුවකි. එහෙත් එය එදා වැල්ලදුරට නම් බරණැස තක්ෂළාව වූ බවට විවාදයක් නැත. එයද පිහිටියේ වර්තමාන පාසල පිහිටි භූමි භාගයේ නොව. වැල්ලදුර නගරයට නුදුරුව පොල් වත්ත නමි ස්ථානයේය. එය ද වත්මන් විදුහල නිර‍්මාණය කළ අයගේ පුද්ගලික ඉඩමකි. වර්තමාන විදුහල් භුමියට පාසල් ගෙන එන ලද්දේ වැල්ලදුර ජනයාගේ සිත් තුල මතක සටහන් තබමිනි. වසර 1935 දී තිබූ ලොග් සටහනක ඒ බව මෙසේ සදහන් විය.
8-5-1935 අද දිනට නියමිතව පැවති අප මහ රජතුමාගේ රිදී ජුබිලිය අති උත්සවාකාරයෙන් පවත්වන ලදී. පාඨශාලාවේ ආචාර්්‍ය මණ්ඩලය ද ශිෂ්‍ය ශිෂ්‍යාවන් සහිත සියළුම දෙමාපියන් ද අවට ගම්වල ප්‍රභූ මහත්වරු හා නෝනා මහත්වරුද ගම්වාසීන්ද සැලකිය යුතු නිළධාරීන් ද පැමිණ සිටියෝය.
වසර 1935 දී මුල් ගල තබා මෙසේ ඉදිකරන ලද ගොඩනැගිල්ල වර්තමාන ප්‍රධාන ශාලාව වන ගජනායක ශාලාවයි. එය විවෘත කර ගෙවැදී ඇත්තේ 1936 මැයි මස 18 වන දාය. වර්ෂ 1960 දී මෙම විදුහල රජයට රජයට පවරා ගන්නා තෙක් එය පවත්වා ගෙන ඇත්තේ ගජනායක එඩියුකේශනල් සොසයිටි ලිමිටඩ් - Gajanayaka Educational Society Ltd නම් වූ සංවිධානයෙනි. ඉන් පසු එම විදුහල රජයට පවරා ගැනීමෙන් පසුව ද ර/වැල්ලදුර ගජනායක මහා විද්‍යාලය යනුවෙන් එහි ආදී කර්තෘවරයාගේ නමින්ම හදුන්වන්නට යෙදුනි. මෙම විදුහලේ ආදී කර්තෘවරයා වුයේ සුප්‍රසිද්ධ වෛද්‍යාචාර්ය වරයෙකු වූ කේ බී ගජනායක බණ්ඩාර මැතිතුමාය. මෙම විද්‍යායතනය රජයේ පාලනයට පත්වන තෙක්ම සමාගම් පාසලක් ලෙස පැවති මෙම පාසල් ස්වකීය ධන පරිත්‍යාගයෙන් ගම්වාසී අහින්සක දූ පුතුන්ගේ අනාගත අභිවෘද්ධිය උදෙසාම ඉදිකරන ලද්දක්මය.
මෙහි ආරම්භක ගුරුභවතා වූයේ පුරා වසර 30ක් පමණ කාලයක් තිස්සේ මුල් ගුරු වූ සිරිල් ඩන්ස්ටන් මනම්පෙරී මැතිතුමාය.
මෙම විද්‍යායතනයෙන් සරණ ලැබූ රටට දැයට සමයට සේවය කළ හා සේවය කරන පිරිස අති විශාලය. මූලික හා ද්විතීක අධ්‍යාපනය ලැබූ ජ්‍යෙෂ්ඨ පාඨමාලා සහතික පත්‍ර විභාගයෙන් ද සමත්ව විදු බිමෙන් සමුගත් පිරිස අතර ගුරුභවතුන්, ඉංජිනේරුවන්, වෛද්‍යවරුන්, පරිපාළන නිලධාරීන් හෙදියන් බැංකු ආරක්ෂක අංශ වල නිළධාරීන්ද වන බව පවසනුයේ අභිමන් පූර්වකවය. සැබැවින්ම අපි මේ විදුමවට ණය ගැතියෝ වෙමු.

|
ආරම්භ කළ වර්ෂය |
1936 මැයි 18 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
කේ බී ගජනායක බණ්ඩාර මැතිතුමාය |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
04 |
|
මුල් ගුරුතුමාගේ නම |
සිරිල් ඩන්ස්ටන් මනම්පේරි මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
කේ බී ගජනායක බණ්ඩාර මැතිතුමාය |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
01 |
|
පාසලේ නම |
ගජනායක විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
Gajanayaka Educational Society Ltd |
|
පාසල රජයට පවරාගත් දිනය |
1960 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
වැල්ලදුර නගරයට නුදුරුව පොල් වත්ත නමි ස්ථානයේය |