Sinhala Literary Association

පැවැති කොරෝනා අරුබුධ හා රටේ පැවති අයහපත් වාතාවරණය නිසා සිසුන්ගේ පාසල් කාලය ගෙදරට සිමා විය. මෙ දී ඇති වූ විශාලම ළු්‍යසනය වුයේ දරුවන්ට අධ්‍යාපනය අහිමි වීමයි. අධ්‍යාපනය පමණක් නොව දරුවන්ගේ දක්ෂතා එළි දැක්වීමට තිබූ මාර්ගද වැසී ගියේය. එසේ අහිමිව ගිය දරුවන්ගේ දක්ෂතා එළි දැක්වීම නැවත පණ පොවමින් අප පාසලේ සිංහල සාහිත්‍ය සංගමය පසුගිය සතියේ නැවත ආරම්භ විය. මෙහි දී දරුවන් තම දක්ෂතා නැවතත් මුළු පාසලටම ප්‍රදර්ශනය කරමින් නැටුම් ගැයුම් වැයුම් නාට්‍ය වල යෙදෙන්නට විය.