රටේ පවතින ආර් ථික අර්බුධය හමුවේ පාසල් දරුවන් කුසගින්නේ පාසලට පැමිණීම ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු වලට විශාල බාධාවකි. මෙයට පිළියමක් වශයෙන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් ක්‍රියාත්මක කරන පෝෂණ ව්‍යාපෘතියට සමගෘමීව අප පාසලේ ප්‍රාථමික අංශයේ දරු දැරියන්ට උදෑසන ආහාර වේල පබා දීම සිදුකරනු ලැබේ. මෙහිදී පාසලට කෑම රැගෙන නොඑන හදුනාගත් ද්විතීක අංශයේ දරුවන්ටද ආහාර ලබා දීම සිදු කරනු ලබයි.